Thursday, September 2, 2010

PARIWARTHANA KAVI | Gurov’s Letter - [Rathna Sri Wijesinghe | රත්න ශ්‍රී විජේසිංහ]



The night is covered

With the Moon water showers

As it owns,

Each and every petal of the flowers

Even the tiniest branchlet

Is ready for the Spring

Anna Sergeyevna,

Here we are with empty hands....



If you know…..,

Even if the things are so unknown

There should be a pathway

To sniff and proceed…



Someone might have bought

The next winter as well

If you know Anna Sergeyevna,

How precious you are

Under this splendid sky….



Even the smallest ant

When goes along with mother,

It belongs to her.

So, can you please tell me

How long is this night

that doesn’t give a birth

Even to a star ….

The breathless darkness

Will it die in its deep sleep?

When will you bring back

The kiss you kept with me

before you left in such a hurry

releasing my fingers….?



The first snow drop

That falls in to tomorrow morning

Will be reserved by you

for me……

Yet,

knowing that..

I will never get it…

Anna Sergeyevna!



-[Sal gaha yata- 1996]





ගුරොෆ්ගේ ලියුම



සඳ වතුර වසින රැය

හැම මල් පෙත්තක්ම

අයිති කරගෙන

පුංචි ම අතු රිකිල්ලත්

සූදානම් වසන්තයට

ඇනා සර්ගයෙව්නා,

අප කිසිවක් නැතිව



ඔබ දන්නවා නම්

මොකවත්ම නොදැන සිටියත්

ඉව කර කර යන්නටත්

පාරක් තියෙන්නට ඔනෑ



ඊළඟ ශීත ඍතුවත්

කවුරුන් හෝ මිළට ගෙන ඇති

දන්නවා නම් ඔබ

ඇනා සර්ගයෙව්නා,

කෙතරම් වටිනවා ද මට

ලස්සනම අහස යට ඔබ



කුඩාම කුහුඹුවාත්

අම්මා එක්ක යන විට

ඌ ඇයටයි අයිති.

ඉතිං මට කියන්න,

කෙතරම් දිගු ද මේ රැය

තරුවක් වත් නූපදින?

හුස්ම නොවැටෙන කළුවර

මිය යාවිද නින්දෙන් ම?



අතැඟිලි ලිහාගෙන

යන්ට සැරසි කඩිමුඩියේ ම

ඔබ මා ළඟ තබා ගිය

අවසාන හාදුව

ගෙන යන්නේ කවදා ද?



හෙට උදෑසන වැටෙන

පළමුවන හිම කැටය

වෙන් කර තබාවි ඔබ මට

දැන දැනම,

කවදාත්ම නොලැබෙනා බව

ඇනා සර්ගයෙව්නා.



[සල් ගහ යට- 1996]

Rathna Sri Wijesinghe | රත්න ශ්‍රී විජේසිංහ
පරිවර්තනය - Malathie Kalpana Ambrose | මාලතී කල්පනා ඇම්බ්‍රෝස්

No comments:

Post a Comment